රණවිරුවන් ජීවිත පූජා කළේ ඒකීය රට රකින්නයි..! ෆෙඩරල් විසඳුම් සඳහා කිසිදා ජනතා සහයක් නෑ..! – ගෙවිඳු…

November 23, 2022 at 7:34 pm | by emanisa.lk

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග ගෙන ආ පැකේජ යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූයේ ඇයිදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රශ්න කරයි.

යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග අද (23) පාර්ලිමේන්තුවේ දී මේ බව විමසා සිටියේ බල බෙදා හැරීමේ යෝජනාවලියක් සඳහා සියලු පක්ෂ එකඟ දැයි ජනාධිපතිවරයා සභාවෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ ය.

එයට හේතුව මේ රටේ බහුතර ජනතාව එම එකඟතාවලට අකමැති වීම බවයි, මන්ත්‍රීවරයා අවධාරණය කළේ.

ඒකීය ශ්‍රී ලංකාවක් තුළ ලබා දෙන විසඳුමකට මිස ඉන් ඔබ්බට යන විසඳුම් සඳහා මේ රටේ ජනතාව එකඟ නොවනු ඇති බව ගෙවිඳු කුමාරතුංග අවධාරණය කළේය.

මේ රටේ ත්‍රිවිධ හමුදාව සිය ජීවිත දහස් ගණනක් පූජා කළේ ඒකීය ලංකාවක් උදෙසා බව ද හෙතෙම වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *