රට හදන ජනාධිපති උපදේශකලාගේ පඩි ලැයිස්තුව මෙන්න…!

December 3, 2023 at 12:34 pm | by emanisa.lk

ජනාධිපති උපදේශකවරුන් පහළොස් දෙනෙක් සඳහා මාසිකව රුපියල් විසි දෙලක්ෂයකට ආසන්න වැටුප් සහ දීමනා ගෙවන බව ජනාධිපති කාර්යාලය පාර්ලිමේන්තුවට දන්වා තිබේ.

එලෙස ගෙවන සම්පූර්ණ මුදල රුපියල් විසි එක් ලක්ෂ අනූ අටදහස් අටසිය තිස් හතකි. මේ අතරින් වැඩිම වැටුපක් එනම් රුපියල් තුන් ලක්ෂ විසි පන් දහසක් ගෙවන්නේ ආර්ථික ස්ථායිකරණය, ප්‍රතිසාධනය හා වර්ධනය පිළිබඳ උපදේශකවරයාටය.

මාධ්‍ය හා සන්නිවේදන උපදේශකවරයාට රුපියල් දෙලක්ෂ දහතුන් දහසක් ගෙවන අතර විද්‍යාත්මක කටයුතු උපදේශකවරයා වෙනුවෙන් රුපියල් එක්ලක්ෂ අනූ දහසක් ගෙවයි. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරු දෙදෙනෙක් සහ මන්ත්‍රිවරියක් ද වෙති. මෙම තිදෙනාට මන්ත්‍රි විශ්‍රාම වැටුප ද හිමිය. මාධ්‍ය, ජාත්‍යන්තර මාධ්‍ය, මාධ්‍ය හා සන්නිවේදන මෙන්ම සන්නිවේදන යනුවෙන් උපදේශකවරු සිව් දෙනෙක් ද සිටිති. පාර්ලි​මේන්තු කටයුතු සම්බන්ධයෙන්ද දෙදෙනෙක් වෙති.

ජනාධිපතිවරයාට සිටින උපදේශකවරුන් සංඛ්‍යාව විසි තුන් දෙනෙක් වන අතර ඉන්න අට දෙනෙක් වැටුප් හෝ දීමනා හෝ නොලබා සේවය කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *