රට වෙනුවෙන් සුදු කොඩි තීන්දුව දුන් විනිසුරු දීපාලිගෙන් පළිය ගනී! අභියාචනාධිකරණ සභාපති ධුරය විනිසුරු කුමුදුනීට!

March 17, 2019 at 4:17 pm | by admin

මාස කිහිපයක් තිස්සේ පුරප්පාඩු වී පැවති අභියාචනාධිකරණ සභාපති ධුරයට අභියාචනාධිකරණ විනිසුරු කුමුදුනි වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් නිර්දේශ කර තිබේ.

මීට පෙර ඒ සඳහා සියලු සුදුසුකම් සපුරා ඇති අභියාචනාධිකරණයේ ජ්‍යේෂ්ඨතම විනිසුරුවරිය වන දීපානි විජේසුන්දර ජනාධිපතිවරයා විසින් දිගින් දිගටම නිර්දේශ කළ ද කතානායක කරූ ජයසූරිය සභාපති ධුරය හොබවන ව්‍යවස්ථාදායක සභාව ඒ සඳහා අනුමැතිය ලබා දීම ප්‍රතික්ෂේප කළේය.

ව්‍යවස්ථාදායක සභාව සුදු කොඩි නඩුවේ තීන්දුවේ මුල් කර ගනිමින් දීපානි විජේසුන්දර අභියාචනාධිකරණ සභාපති ධුරය ලබා නොදෙන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ හෙළි කළේය.

පසුගිය සමයේ සති දෙකෙන් දෙකට අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපතිනිය ලෙස ජනාධිපතිවරයා විසින් විනිසුරු දීපාලි විජේසුන්දර පත් කළ අතර මේ වන විට ජනාධිපතිවරයාගේ එම ක්‍රියාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *