රට රැවටූ ජනතා ද්‍රෝහීන් ස්වාධීන කණ්ඩායමයි…! ආණ්ඩුවට එරෙහිව ජනතාව පැත්ත ගත්තේ අපයි…! – සජිත්…

May 6, 2022 at 1:29 pm | by emanisa.lk

නියෝජ්‍ය කතානායකවරයා තෝරන ඡන්දයේදී තම එකඟතාව වූයේ විපක්ෂය නම් කරන අපේක්ෂකයාට සහයෝගය දීම මිස පොහොට්ටුව නියෝජනය කරන අපේක්ෂකයාට සහයෝගය ලබා ලබා දීම නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එහෙත් අවසානයේ දී සිදු වූයේ ස්වාධීන වූවා යැයි කියන කණ්ඩායම නම් කළ අපේක්ෂකයා පොහොට්ටුවේත් අපේක්ෂකයා බවට පත්වීම යයි ද හෙතෙම පැවසීය.

ජනාධිපතිවරයා නියෝජනය කරන පොහොට්ටුවේ, අගමැතිවරයා නියෝජනය කරන පොහොට්ටුවේ, ආණ්ඩුව නියෝජනය කරන පොහොට්ටුවේ සහයෝගය හිමිවන අපේක්ෂකයෙකුට සමගි ජන බලවේගය සහාය ලබා ලබාදීමට කිසිසේත් කටයුතු නොකරන බව පැවසූ විපක්ෂ නායකතුමා කොන්දේසි විරහිතව ජනතාව සමඟ හිට ගන්නා තම කණ්ඩායමට රෙදි ඇඳගෙන ජනතාව පාවා දිය නොහැකි බව ද පැවසීය.

වහාම විශ්වාසභංගය කඩිනමින් පාර්ලිමේන්තුවට රැගෙන එන ලෙස පැවසූ විපක්ෂ නායකතුමා එදාට අවසන් වශයෙන් ද ජනතාව සමග හිට ගන්නේ කවුද ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව සමග හිටගන්නේ කවුද යන්න අවබෝධ කර ගත හැකි යැයි ද පැවසීය.

ඊයෙත් අදත් දින දෙක පුරා මේ සභාවත් රටත් නොමඟ යවමින් අසූ හත් හැවිරිදි තම මවට පිරිසක් මඩ ගසමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

කැලණි ගඟ දෙබෑ කරගෙන නාගරාජයා එනවා යැයි කිවූ කල්ලියෙ, මිත්‍යාව වපුරමින් රටට පැණි පොවපු කල්ලියේ, භූමදානය ද ආදාහනයද යන ගැටලුව වෙලාවේ තමන්ගේ ආගම පාවා දුන් ද්‍රෝහීයෙක් ගොබෙල්ස් න්‍යාය පාවිච්චි කරමින් අමූලික බොරු සමාජගත කරමින් සිටින බව ද හෙතෙම පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *