රට බංකොලොත් කිරීහ ඉතිහාසයේ අදූරදර්ශීම තීන්දුවයි…!

September 3, 2022 at 11:24 am | by emanisa.lk

ලංකාව ඩිෆෝල්ට් කරපු එක පහුගිය ඉතිහාසයේ ගත්ත අදූරදර්ශී ම තීරණය. ඒක ගත්තෙ ණය ගෙවන්න සියලු සැලසුම් ක්‍රියාත්මක කරල තියෙද්දි. 2022 ⁣ගෙවන්න තිබුණ ණයවලින් 50%කට ආසන්න ව ගෙවන්න තිබුනෙ පළවෙනි කාර්තුවෙ. ඒව ගෙවල තිබුණෙ. දෙවැනි කාර්තුවෙ තිබුන චීනයට ගෙවන ඩොලර් මිලියන හයසීයක්. ඒ වෙනකොටත් චීනය හා ලංකාව අවසන් අදිය⁣රේ හිටියේ ඩොලර් බිලියන 2.5ක් ගන්න. (කමෙන්ටුව ඇති ලින්ක් එක බලන්න)චීනය මුල ඉඳලම කියපු දෙයක් තමා ඩිෆෝල්ට් කරන්න එපා.

එහෙම කළොත් අපට ඒකට එකඟ වෙන්න බැහැ කියන එක. ඒ නිසා, ණය ගෙවන්න අඩු පොලියට ණයක් දීල, තව මිලියන 1500ක් දෙන්න නියමිත ව තිබුණ ඔය ගාමන්ට් ඇතුළු කර්මාන්ත කේෂ්ත්‍රයට සාමාන්‍යයෙන් ගේන අමුද්‍රව්‍ය ගේන්න. අනික Green Bond එකකින් තවත් ඩොලර් මිලියන 1000ක් ගන්න ස්ටෑන්බයි කරල තිබුනෙ. Credit suisse සමාගම ඒකට තෝරගෙන තිබුනෙ. මේ සේරම තියෙනකොට තමා එක පාරම ඩිෆෝල්ට් කළේ.

ඩිෆෝල්ට් කළාට ලංකාවට ගො⁣ගෙව ඉන්න පුළුවන් ණය තියෙන්නෙ ඉතාම ටිකයි. ලෝක බැංකුව ණය, IMF ණය, ADB ණය නොගෙව ඉන්න බැහැ. මහබැංකුව අදත් ඒව ⁣ගෙවනවා. ජුලිවල ගෙවන්න තිබුණ ISB ණය මිලියන 1000 නොගෙව ඉන්න පුළුවන් වුනා. ඒකයි තව ඉතාම සුළු ණය ටිකකුයි විතරයි.

ඒ වෙනකොට අපි අපනයනවලින් මාසයකට ඩොලර් බිලියනය උපයමින් හිටියා. මාර්තු මාසයේ සංචාරක පැමිණීම 106000යි. මේවැයිනුත් ඩොලර් එනවා. අනික් පැත්තෙන් ඉන්දියානු ක්‍රෙඩිට්ලයින් එක නිසා ඉන්ධන, ආහාර, ඖෂධ ආනයනයට අමතර ඩොලර් පිට යන එක නවතිනව. මොකද ඔය දේවල් 70%ක් අපි කොහොමත් ගෙනාවේ ඉන්දියාවෙන්.

මේ සියලු සැලසුම් ක්‍රියාත්මක වෙමින් තිබියදී තමයි ලංකාව ණය ගෙවීම් පැහැර හැරියේ. ඒ ගැන විදේශ ඇමති අලි සබ්‍රි මහතා ඊයේ පාර්ලිමේන්තුදී කළ ප්‍රකාශය ඉතාම වගකීම් විරහිත එකක්. ඔහු ඩිෆෝල්ට් තීන්දුව ගන්නකොට ඉහත විස්තර ගැන දැනුවත්ව හිටිය නොවෙන්න පුළුවන්. ඒත් මුදල් බලතල තිබෙන පාර්ලිමේන්තුවටවත් නොකියා මේ තරම් බරපතල තීරණයක් ගැනීම නීතියට පටහැනියි.

ප.ලි. අනික මේ සියල්ල මැද අප්‍රේල් 11 IMF සාකච්ඡාවලට යන්න තිබුනෙ. හැබැයි ඒ ඩිෆෝල්ට් නොකරපු පසුබිමක. සබ්‍රිල ගියේ ඩිෆෝල්ට් කරල. ගියාට පස්සෙ IMF එකෙන් කිව්ව, ඔය ගොල්ල ණයකරුවන් එක්ක සාකච්ඡා කරල අපි ගාවට එන්න කියල. ඇත්තටම වොෂින්ටන් ගිය ඩොලර් ටිකත් අපරාදේ.

මහින්ද පතිරණ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *