රට දියුණු වෙන්න නම් බලය බෙදිය යුතුයි..! – ප්‍රසන්න රණතුංග..

November 6, 2022 at 10:54 pm | by emanisa.lk

ඒකීය රටක් ලෙස ආර්ථිකය දේශපාලන හා සමාජීය දියුණුවක් ඇති කර ගැනීමට නම් පරිපාලනමය වශයෙන් බලය බෙදිය යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

ජනතා ගැටළු කඩිනමින් විසදීම සඳහා පරිපාලනමය බලය බෙදීම උපකාරී වන බව ද අමාත්‍යවරයා කීය.

ඒකීය රටක් ලෙස ආර්ථික, දේශපාලන හා සමාජීය අතින් ශ්‍රී ලංකාවට ඉදිරියට යා හැක්කේ එවැනි පරිපාලන බලන බෙදීමකින් බවද ඇමතිවරයා සඳහන් කළේය.

මන්නාරම එරුකලම්පිට්ටි මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ දී අද (06) පැවැති උත්සවයක් අමකමින් හෙතෙම මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *