රට ගැන කැක්කුමක් ඇත්නම් විශ්වවිද්‍යාල අරඹන්න..! – ජනපතිගෙන් ඩයස්පෝරාවට ඇරයුම්..

November 17, 2023 at 2:47 pm | by emanisa.lk

රට ගැන කැක්කුමක් ඇත්නම් වහාම මෙරටට පැමිණ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නව විශ්වවිද්‍යාල අරඹන ලෙස මෙරටින් පිටවී සිටින සිංහල ඩයස්පෝරාවට සහ දෙමළ ඩයස් පෝරාවට විවෘතව ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

භාෂා දැනුම සිංහල දෙමළවලට පමණක් සීමා කළ නොහැකි බවත් 2030 වන විට සැමට ඉංග්‍රීසි වැඩපිළිවෙළ සියලු පාසල්වලට හඳුන්වා දෙන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

ඒ, ඊයේ (16) සවස කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ආර්. අයි.ටී. අලස් මහතාගේ 10 වැනි ගුණසමරුවට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *