රට කෑ හොරුන්ගේ ෆයිල් ජවිපෙන් අද රටට..!

May 3, 2022 at 10:11 am | by emanisa.lk

රටේ ප්‍රබල දේශපාලනඥයාගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී දක්වා සිදුකළ බරපතළ වංචා දූෂණ සහිත ලිපි ලේඛන හෙවත් “ෆයිල්” විශාල ප්‍රමාණයක් අද (03) ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් රටට හෙළිදරව් කිරීමට නියමිත ය.

පෙරවරු 10.00ට පදනම් ආයතනයේ දී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, දේශපාලන මණ්ඩල සභික, හිටපු කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති, මධ්‍යම කමිටු සාමාජික හා දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මෙන්ම නීතිඥවරුන් කිහිපදෙනෙක් මේ අවස්ථාවට සහභාගි වීමට නියමිත ය.

මීට ඉඟි පළ කරමින් ජවිපෙ නායකයාගේ ඇතුළු පක්ෂ සාමාජිකයන්ගේ නිල ෆේස්බුක් ගිණුම්වල, “රට වනසපු හොරු වළල්ල, තොග පිටින් හෙළිදරව්ව” යනුවෙන් පෝස්ටුවක් ද පළ කොට ඇත.

ඒ අනුව, රටේ මහජන ධනය මහා පරිමාණයෙන් කොල්ල කෑ දේශපාලනඥයන්ගේ, ඊට අනුබල දුන් රාජ්‍ය නිලධාරීන්ගේ වංචා දූෂණ රැසක් අද දින මාධ්‍යට හෙළිදරව් කිරීමට නියමිත බව වාර්තා වේ.

විශේෂයෙන් ම ජනතා විමුක්ති පෙරමුණ හා දූෂණ විරෝධී හඬ විසින් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ හා නොකළ වංචා දූෂණ සහිත ලියවිලි මීට අදාළ බව ද වැඩිදුරටත් වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *