රටේ සංවර්ධනයට ම කැප වූ නායකයා නිදහස් කරනු….! – රිෂාඩ් බදියුදීන් වෙනුවෙන් අදත් විරෝධතා…

May 2, 2021 at 10:42 pm | by emanisa.lk

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක සහ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නිදහස් කරන ලෙස බල කරමින් වව්නියාව, සාලම්බිකුලම් ප්‍රදේශයේයේදී අද (02) උද්ඝෝෂණයක් පැවැත්විණි.

ජනතාව වෙනුවෙන් සේවය කරන, රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සාධාරණ නොවන බවත්, පොඩි ජනතාවගේ දුක හඳුනන නායකයා නිදහස් කරන ලෙසද උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ.

මෙම විරෝධතාව සඳහා කුඩා දරුවන් ද එකතු වී සිටි අතර එක් දරුවෙකු අතරැඳි පුවරුවක ‘රටේ සංවර්ධනය වෙනුවෙන් සේවය කරන නායකයා නිදහස් කරන්න’ යැයි සඳහන් ව තිබිණි.

මෙවැනිම උද්ඝෝෂණයක් අද (02) පුත්තලමේ ද පැවැත්විණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *