රටේ වනාන්තර රකින්න ජනාධිපතිතුමා පෙරටම! චේන්ෂෝ ගෙන්වීම සහ වඩුමඩු ලියාපදිංචිය නතර කරන්නත් සූදානම්!

May 30, 2019 at 8:14 am | by admin

නිත්‍යනුකූල නොවන අන්දමින් දැව ළඟ තබා ගන්නා ලී මෝල් හිමියන්ගේ බලපත‍්‍ර වහාම අහෝසි කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දි ඇත.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබා දුන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රගති සමාලෝචන රැස්විමට අද (29) පෙරවරුවේ එක් වෙමිනි.

විෂය භාර අමාත්‍යවරයා ලෙස අද පෙරවරුවේ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගිය ජනාධිපතිතුමා එහි කටයුතු සොයා බැලීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ හමුවකට එක් විය.

එහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේ වන විනාශයට හේතුවන සියලු විනාශකාරී තත්ත්වයන් වැළැක්වීමට පියවර ගත යුතු බවයි.

සියලුම වර්ගයේ චේන්ෂෝ තහනම් කිරීමට පසුගියදා රජය ගත් තීරණය සහ එහි ප‍්‍රගතිය ද විමසා බැලූ ජනාධිපතිතුමා චේන්ෂෝ මෙරටට ගෙන්වීම තහනම් කරමින් කැබිනට් පත්‍රිකාවක් කඩිනමින් ඉදිරිපත් කිරීමට ද පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම අලුතින් වඩු මඩු ලියාපදිංචි කිරීම නතර කිරීමට ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

ජූනි 05 වනදාට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමීව ක්‍රියාත්මක කිරීමට නියමිත වනසංරක්ෂණ සහ රුක් රෝපණ වැඩසටහන් පිළිබඳව ද සාකච්ජාවට බදුන් විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස