රටේ ම ජනතාව එක මිටට පොහොට්ටුව සමගයි…! හැකි නම් නාවලපිටියෙන් කොට්ඨාශයක් දිනා පෙන්වනු…! මම දේශපාලනයෙන් සමු ගන්නවා…! – මහින්දානන්ද….

October 17, 2022 at 10:52 am | by emanisa.lk

මැයි මාසයේ 9 වන දාට පසු මාස පහක නිහැඬියාවකින් අනතුරුව සිය දේශපාලන යන්ත්‍රණය බලගැන්වූ බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

“අප සමඟ මිනිස්සු ඉන්නවා. ඔවුන් සමඟ අප කටයුතු කරන්න ඕනෑ. පොහොට්ටුවේ කිසිම කෙනෙක් අප හැර ගොස් නැහැ.

ඕනෑම වෙලාවක මැතිවරණයකට සූදානම්. නාවලපිටියෙන් එක් කොට්ඨාසයක් හරි දිනලා පෙන්වන්න. මා නැවත දේශපාලනය කරන්නේ නැහැ.

රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳ තිබෙන පෞද්ගලික ප්‍රශ්න දෙස නොබලා රට වෙනුවෙන් තීන්දුවක් ගත්තා. මේ රට ගොඩනඟන්න ඒ මහතා ලොකු උත්සාහයක් ගන්නවා.

අද වන විට භාණ්ඩ මිල යමිකිසි මට්ටමකින් පහත වැටී තිබෙනවා. මේ වසර අවසන් වන විට ආර්ථිකය කළමනාකරණය කරන්න හැකි වෙයි කියා විශ්වාස කරනවා.”

හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (16) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් නාවලපිටිය ආසන සම්මේලනය අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *