රටේ ප්‍රශ්න යට ගහන්න බුදු දහමට ගහන ජෙරම් – චාල්ස් – නටාෂා ආණ්ඩුවේ ඉත්තෝ…!

May 29, 2023 at 4:28 pm | by emanisa.lk

ආගම්වලට අපහස කරන පුද්ගලයන් ආණ්ඩුව ඉදිරියට ගේන්නේ සිතාමතා ද යැයි සැකයක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසයි.

රටේ බහුතර ජනතාවක් අදහන බුදු දහමට පහර දෙන්නෙම ආණ්ඩුවට උවමනා විදියට එදිනෙදා ප්‍රශ්නවලින් ජනතාවගේ අවධානය වෙනත් අතකට යොමු කිරීමට වියහැකි බවයි, මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

ආණ්ඩුවේ සමහර කාරණා වෙනත් පැත්තකට යොමු කරන්න වර්තමාන ආණ්ඩුව දක්‍ෂ බව කී මන්ත්‍රීවරයා පසුගිය සති දෙකම තුන තුළම ජනතාව නිරන්තරයෙන් ෆාස්ටර් ජෙරම්, ෆාර්ටර් චාල්ස් සහ නතාෂා ගැන කථා කළ බව ද සඳහන් කළේය.

මිනිස්සු බඩු මිල ගැන කථා කිරීම අඩු කරලා ෆාස්ටර් ජෙරම්ට දඩුවම් දෙන විදිය කථා කරන අතරම නතාෂා හිරේ දානවාද යන්න පිළිබඳව ද අවදානයෙන් ජනතාව සිටින බව කී ඩිලාන් පෙරේරා පැවසුවේ ඒ අය කරන ක්‍රියාව හරහා ජනතාව එදිනදා ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම අමතක කර ඇති බවයි.

මෑත ඉතිහාසයේ කිසි දිනක නැති ආකාරයට බරපතල ගණයේ අපරාධ කල්ලි නැවත එළියට පැමිණ ඇති ඇති බව කී ඩිලාන් පෙරේරා සඳහන් කළේ පසුගිය මාසය තුළ වෙඩි තැබීම් 27 කින් පුද්ගලයන් 19ක් මණයට පත්වී ඇති බවත්ය.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය හෝ ජනාධිපතිවරයාව සිටියදී පාතාලය හිස එසවීම සාමාන්‍ය තත්ත්වයක් බව ද ඔහු වැඩි දුරටත් කීය.

“නිදහස ජනතා සභාව” කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *