රටේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න සජබ තානාපති සහය පතයි…!

July 30, 2023 at 9:53 am | by emanisa.lk

මෙරට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින්නැයි සමගි ජන බලවේගය විදේශ තානාපතිවරුන්ගෙන් ඉල්ලා ඇත.

මේ වනවිට ශ්‍රී ලංකා රජය මැතිවරණ කල්තබා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු ගණන් නොගෙන, ආණ්ඩුවට එරෙහිව තීන්දු ලබාදෙන විනිසුරුවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීමට උත්සාහ කරමින් මැතිවරණ කොමිෂන් සභාව වැනි ස්වාධීන කොමිෂන් සභා සාමාජිකයන් බියගන්වමින් ඇතැයි ද සජබය එම තානාපතිවරුන්ට දැනුම් දී තිබේ.

ඉන්දියාව, ප්‍රංශය, ජර්මනිය, නේපාලය, ඇමෙරිකාව, කැනඩාව, නවසීලන්තය, මහා බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයේ ප්‍රධාන නියෝජිත ඇතුළු තානාපතිවරුන් මෙම හමුව සඳහා සහභාගි වූ බව විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට කීය.

මෙම හමුව කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදී පවත්වා ඇති අතර සජිත් ප්‍රේමදාස, ගයන්ත කරුණාතිලක, හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, නිරෝෂන් පෙරේරා, මයන්ත දිසානායක, මනෝ ගනේෂන්, චන්දිම වීරක්කොඩි, ඩලස් අලහප්පෙරුම, ජී. එල්. පීරිස්, නාලක ගොඩහේවා මෙම හමුවට එක්වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *