රටේ ජනගහනයෙන් ලක්ෂ 96ක් දැඩි දරිද්‍රතාවයේ…! – මහාචාර්ය වසන්ත අතුකෝරාළ…

October 13, 2022 at 11:13 am | by emanisa.lk

මෙරට පුද්ගලයන් ලක්‍ෂ 96 ක් මේ වන විට දැඩි දරිද්‍රතාවයෙන් පෙළෙමින් සිටින බව සිදු කළ අධ්‍යයනයකින් අනාවරණය වී ඇතැයි, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ සඳහන් කරයි.

2019 වර්ෂයේ දී ලක්‍ෂ 30 කට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළුණු නමුත් එම සංඛ්‍යාව අද වනවිට ලක්‍ෂ 96ක් දක්වා ඉහළ අගයක් ගැනීම සමස්ත ජන ගහනයෙන් 42%ක් වනු ඇතැයි ද මහාචාර්යවරයා පෙන්වා දෙයි.

මෙරට දරිද්‍රතාවයෙන් පෙළෙන සංඛ්‍යාව 26%ක් බවට ලෝක බැංකු වාර්තා මගින් පෙන්වා දුන්න ද ඊට වැඩි විශාල සංඛ්‍යාවක් දරිද්‍රතාවයෙන් පෙළෙමින් පසුවන බවට සිය අධ්‍යයනයෙන් තහවුරු වී ඇතැයි ද මහාචාර්ය වසන්ත අතුකෝරළ වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *