රටේ ඔක්කොම ලෙඩින්.. රනිල් තමයි දොස්තර…! නොවැම්බර් වෙද්දි රට ගොඩ..! – වජිර..

June 27, 2022 at 7:52 am | by emanisa.lk

රට ගොඩගැනීම සඳහා සියලුම දෙනා සහයෝගය ලබා දෙන්නේ නම් නොවැම්බර් මාසය වනවිට රට යම් සුබවාදී මාවතකට ගැනීමට හැකිවනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පවසයි.

දෙකෝටි තිස් ලක්ෂයක් වන ශ්‍රී ලංකාවේ මහජනතාව දැන් රෝගීන් බවට පත්ව ඇති බවත් එම රෝගීන් බලාගැනීමට පැමිණ සිටින විශේෂඥ වෛද්‍යවරයා වන රනිල් වික්‍රමසිංහට ශාප නොකර සියලු දෙනාගේම ආශිර්වාදය ලබා දුනහොත් රට නිවැරදි කිරීමට හැකිවනු ඇති බවයි, ඔහු සඳහන් කළේ.

එමෙන්ම 2019 මහමැතිවරණයේ දී එජාපය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කාරණා ජනතාව ඇසුවේ නම් මෙවැනි විපතක් රටට නොවන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

වජිර අබේවර්ධන මේ බව පැවසුවේ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස