අගමැති ආර්ථිකය ගොඩනැඟූ පසු ආර්ථික වර්ධන වේගය 03%ක් බව මහ බැංකු අධිපති කියයි!

February 23, 2019 at 3:23 am | by admin

රටේ ආර්ථිකය ගොඩනැඟීමට හැකිවුණා! අගමැති

17 වසරකට පසු අඩුම ආර්ථික වර්ධනය වාර්තා වුණා! මහ බැංකු අධිපති

තමන් භාරගත්තේ ණය ගෙවාගත නොහැකි ආර්ථිකය කඩා වැටුණු රටක් බවත් මේ වසර කිහිපය තුළ රට බංකොලොත් නොකර ණය ගෙවීම ආරම්භ කළ බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි. ණය ගෙවන අතර සංවර්ධන කටයුතුවලට ද විශාල මුදලක් ආයෝජනය කරන බව හෙතෙම පැවසීය. අගමැතිවරයා මේ අදහස් දැක්වූයේ පුත්තලම කරුවල ගස්වැව අද පැවති උත්සවයකදීය.

තමන් අපේක්ෂා කළ ආර්ථික වර්ධන ඉලක්කය අත්කර ගැනීමට නොහැකි වූ බවත් වසර 17කට පසු අඩුම ආර්ථික වර්ධන වේගය එනම් 3%ක් 2018 වසරේ වාර්තා වූ බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමී පවසයි. එම වසරේ 4%ක ආර්ථික වර්ධන වේගයක් වෙත ළඟා වීමට අපේක්ෂා කළ ද ලබාගත හැකි වූයේ 3%ක අගයක් පමණි. අස්ථාවර දේශපාලන තත්ත්වය ද එයට හේතුවක් වූ බව හෙතෙම පවසයි.

2018 වසරේ දකුණු ආසියානු රටවල් අතරින් ශ්‍රී ලංකාවට දෙවැනි ආර්ථික වර්ධන වේගයක් වාර්තා කළේ ඇෆ්ගනිස්ථානය පමණි. ලංකාවේ පොලී අනුපාත ග්‍රීසියට ද වඩා වැඩිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *