රජය අත දෙනවා නම් කිරෙන් රට ස්වයංපෝෂිත කරන එක සුළු දෙයක්! – ආරියශීල වික්‍රමනායක

March 18, 2019 at 10:29 am | by admin

රජය අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කරනවානම්, රටටම අවශ්‍ය කිරි ලබාදීමට තම සමාගමට හැකියාව තිබෙන බව පැල්වත්ත කිරි සමාගමේ සභාපති ආරියශීලී වික්‍රමනායක පවසයි.

කිරි ගවයන්ට රටට අවශ්‍ය තරම් කිරි ලබාදීමට හැකියාව තිබෙන බවත්, පවතින තත්ත්වයට අනුව ලබන මාසය වනවිට ගොවීන්ට මහපාරේ කිරි ගැලීමට පවා සිදුවිය හැකි බවත් ඒ මහතා පවසා සිටියේය.

එසේම ආනයනික පිටිකිරි සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදී තිබෙන අතර, පිටිකිරිවල ප්‍රමිතිය පිළිබඳ ඇති ගැටලුව සොයා බැලීමට තවමත් කටයුතු කර නොමැති බවත්, ඒ පිළිබඳ සොයා බලන ලෙස අද (18දා) දින පාරිභෝගික කටයුතු අධිකාරියට නැවත මතක් කර සිටින බවත් හෙතෙම සඳහන් කර සිටියේය.

දේශීයවශයෙන් ක්‍රියාත්මක වන තම සමාගමට රටට අවශ්‍ය දියර කිරි, පිටිකිරි හා බටර් ඇතුළු නිෂ්පාදන 100%ක් ලබාදීමට හැකියාව තිබෙන බවත්, දේශීය වෙළෙඳපොළ තුළ ඉඩක් නොමැති නිසා බටර් විශාල වශයෙන් විදේශ රටවලට අපනයනය කරන බවත් සභාපතිවරයා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *