රජයට එරෙහිව සංඝාඥාවක් නිකුත් කරන්න සහයෝගය දෙනවා…! – තරුණ බෞද්ධ සංගම්…

April 30, 2022 at 5:51 pm | by emanisa.lk

සංඝ සම්මුතියක් කැඳවා රජයට එරෙහිව සංඝ ආඥාවක් නිකුත් කිරීමට මහ නායක ස්වාමීන්වහන්සේලා ගෙන තිබෙන තීරණයට තම සංගම් ද සහයෝගය ලබා දෙන බව තරුණ බෞද්ධ සංගම් පවසයි.

කොළඹට රැස්වූ කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සහ තවත් තරුණ බෞද්ධ සංගම්වල නියෝජිතයින් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ බව නිවේදනය කරයි.

වත්මන් අරගලවලින් මතුවන ජනතා ඉල්ලීම්වලට සාධනීය පිළිතුරු ලබා දීමට රජය අපොහොසත් වන්නේ නම් එම තීරණය ගැනීමට සිදුවන බව ඔවුන් වැඩි දුරටත් සඳහන් කරයි.

මෙහි දී, අදහස් දැක්වූ කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති මහේන්ද්‍ර ජයසේකර අවධාරණය කළේ, රට දිනෙන් දිනම අගාධයට යමින් තිබෙන නිසා සහ තවදුරටත් බලා සිටිය නොහැකි නිසා මෙම තීරණය ගත් බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *