රංජිත් සොයිසාගේ අසුනට දෙදෙනෙක් ගැටෙති! දෙදෙනාම පැත්තකට දමා බිරිඳ මහ ඡන්දෙට!

January 2, 2020 at 9:03 am | by emanisa.lk

ඉදිරි මහ මැතිවරණය සඳහා තමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ කරන බව අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාගේ බිරිඳ වන මුදිතා ද සොයිසා පවසයි.

මහින්ද රාජපක්ෂගේ ආශිර්වාදය මත තමා මැතිවරණයට තරග කරන බවත් රත්නපුර ජනතාවගේ ඉල්ලීමට හිස නමා මෙම තීරණය ගත් බවත් ඇය ප්‍රකාශ කරයි.

ගොඩකවෙල සිය නිවසේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය කියා සිටියේ අගමැති මහින්ද රාජපක්ෂගේ ඉල්ලීමක් මත තමන් ඔහු සමග සාකච්ඡා කළ බවත් ඒ අනුව තමන්ට දේශපාලන කටයුතු ආරම්භ කරන ලෙස ඔහු කළ ඉල්ලීම ද විශාල ශක්තියක් වූ බවත්ය.

කෙසේ වුවද එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ රංජිත් සොයිසාගේ අවස්ථා ලබා ගැනීමට එකම පක්ෂයේම නායකයන් දෙදෙනකු අතර ඇති වූ අර්බුදයකට විසඳුම ලෙස මුදිතා ද සොයිසාගේ දේශපාලනාගමනය සිදුවන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස