රංජන් සිරගෙයි සිට සමගි බල මන්ත්‍රී එක්ක සෙල්ෆි ගහයි…! ස්ථානභාර ජේලර්ගේ වැඩ තහනම්….!

March 9, 2021 at 3:22 pm | by emanisa.lk

බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමඟ සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාට අවස්ථාව සලසා දීමේ චෝදනාව මත බන්ධනාගාර ජේලර්වරයකුගේ වැඩ තහනම් කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවසයි.

අගුණකොළපැළැස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවකු වන රන්ජන් රාමනායක සමග ඡායාරූපයකට පෙනී සිටීමට මෙම අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් බන්ධනාගාර ආඥා පනත ප්‍රකාරව සිදුකළ විමර්ශනයකින් පසු අමුත්තන් බැලීමේ ස්ථානය භාරව සිටි එම ජේලර්වරයාගේ වැඩ තහනම් කළ බව ද ඔහු සඳහන් කළේ ය.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණීය මේ බව ප්‍රකාශ කළේ අද (09) දහවල් බන්ධනාගාර මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *