යූඇන්පී මන්ත්‍රීලට නාම යෝජනා ගන්න වෙන්නේ නෙළුම් මාවතේ කපුටන්ගෙන්..! – සජිත්…

September 19, 2022 at 5:33 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ නොමග ගිය පළාත් පාලන මන්ත්‍රීවරුන්ට ද අනාගතයේ දී නාමයෝජනා ගන්නට සිදු වන්නේ නෙළුම් මාවතේ කපුටන්ගෙන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එජාපයේ ඇතැමුන්ට මහින්ද රාජපක්ෂ ළඟට ගොස් වැඳ වැටෙමින් තම තමන්ගේ දුක කියන්නට සිදුවී ඇති බවත්, වර්තමාන ජනාධිපතිවරයා යටතේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට අත්වී ඇති ඉරණම කනගාටුදායක බවත් විපක්ෂ නායකයා සඳහන් කළේ ය.

ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල සමගි ජන බලවේගයේ ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමින් ඔහු ඊයේ (18) මෙසේ කීය.

මේ වන විට මුළුමහත් ජාත්‍යන්තරයෙන් ම ආණ්ඩුවට අනතුර එල්ල වී ඇති අතර ඉන්දියාව ආධාර නැවත ලබා නොදෙන බව පවසා ඇති බව ද හෙතෙම අවධාරණය කළේ ය.

රටේ මානව හිමිකම් ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත වනතුරු කිසිදු සහයක් නොදෙන බවට ජාත්‍යන්තර සංවිධාන පවසා ඇති බව ද ඔහු පැවසීය. රට ගොඩනැගිය හැක්කේ මානුෂීය ධනවාදය තුළින් බවත් සමගි ජන බලවේගය ඒ වෙනුවෙන් කැප වන බවත් විපක්ෂ නායකයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *