යුද හමුදාවෙන් ස්වයංක්‍රීය විෂබීජහරණ යන්ත්‍රයක්….! රටේ ඉල්ලුම සපුරන්න නිෂ්පාදනයටත් සැලසුම්..!

July 6, 2021 at 11:43 pm | by emanisa.lk

යුද හමුදාවේ පර්යේෂණ, විශ්ලේෂණ හා සංවර්ධන ඒකකය නිෂ්පාදනය කළ දෑත් විෂබීජ හරණය කිරීමේ ස්වයංක්‍රීය යන්ත්‍රයක් අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත හඳුන්වා දෙනු ලැබිණි.

විෂබීජහරණ දියර ලීටර් හතරක ප්‍රමාණයක් ගබඩා කිරීමෙන් පුද්ගලයන් 600කගේ දෑත් විෂබීජ හරණයටත්, විදුලි ආරෝපණයෙන් පසු පැය හතළිස් අටක් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමේ හැකියාවත් යන්ත්‍රය සතුය.

ආනයනය කිරීමට සාපේක්ෂව අඩු පිරිවැයකින් මෙම යන්ත්‍රය රට තුළ නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී. එම නිසා ලැබෙන ඇනවුම් වෙනුවෙන් යන්ත්‍ර නිෂ්පාදනයට සහ ඒ පිළිබඳ දැනුම අවශ්‍ය පාර්ශ්ව වෙත ලබාදීමට යුද හමුදා පර්යේෂණ ඒකකය සූදානම්ව සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *