යහපාලන ආණ්ඩුව පලිගැනීම ජාතික කලාවක් කළා…! හිට්ලර්වත් නොකළ විදිහට දරු මල්ලන්ගෙනුත් පළිගත්තා…!

April 22, 2021 at 4:49 pm | by emanisa.lk

යහපාලන ආණ්ඩුව පලිගැනීම ජාතික කලාවක් බවට පත් කළ ආණ්ඩුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ පවසයි.

හිට්ලර් හෝ ඉඩි අමීන්වත් නොකළ ආකාරයට දේශපාලන විරුද්ධවාදීන්ගේ භාර්යාවන් හා දරුවන්ගෙන් පවා පලි ගැනීමට යහපාලන රජය කටයුතු කළ බව ද ඔහු සඳහන් කළේ ය.

2015 ජනවාරි 8 වැනි දා ආරම්භ වී 2019 නොවැම්බර් 16 වැනිදා අවසන් වූ කාලසීමාව තුළ සිදු වූ දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳ සභාව කල් කල්තැබීමේ විවාදය අමතමින් හෙතෙම මෙි බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *