යහපාලනය ගෙනා තරුණයන්ට දේශපාලකයන් එපාවෙයි! මැකොගෙන් ‘කිසිවකු නැත’ තීරුවක් ඡන්ද පත්‍රිකාවට ඉල්ලයි!

June 17, 2019 at 7:52 am | by emanisa.lk

මැතිවරණයකදී කිසියම් ඡන්ද දායකයකුට ඡන්දය ප්‍රකාශ කිරීමට අපේක්ෂකයකු නොමැති නම් ඔවුන්ට කතිරය ගැසීම සඳහා “කිසිවෙකුත් නැත” යනුවෙන් තීරයක් ඡන්ද පත්‍රිකාවට අලුතින් එක්කළ යුතු බවට මැතිවරණ කොමිෂන් සභාවට යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

තරුණයන් පිරිසකගෙන් ඉදිරිපත් වී ඇති එම යෝජනාවට කොමිෂන් සභාව ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ නමුත් ඒ සඳහා නව නීති සම්පාදනය කළ යුතු බවද ඔහු කීය.

පාර්ලිමේන්තුවෙන් නව නීති සම්පාදනයක් හෝ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් එම ක්‍රියාවලිය සකස් කළ යුතු බවද සභාපතිවරයා කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *