මෝල්කාරයින්ගේ මහල් මාෆියාවට තිත..! හාල් ටොන් ලක්ෂයක් රටින් ගෙනෙයි..!

November 21, 2023 at 9:16 am | by emanisa.lk

දෙසැම්බර් උත්සව සමය වෙනුවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඊයේ (21) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මේ බව පැවසීය.

එම තීරණය අනුව ඉදිරි දින කිහිපයේ දී හැකි ඉක්මණින් සහල් ආනයනය කිරීමට පියවර ගන්නා බවද විශේෂයෙන් කීරි සම්බා සහ සම්බා සඳහා ආදේශක සහල් ආනයනය කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමගින් මිල පාලනය කිරීමට නොහැකි වුවහොත් ආනයනය කරන සහල් ප්‍රමාණය ඉහළ දැමීමට ද තීරණය කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *