මෛත්‍රී දැඩි තීන්දුවක..! මහ ලේකම් ධූරයෙන් අමරවීර නෙරපයි..!

November 22, 2022 at 6:19 am | by emanisa.lk

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරයෙන් අමාත්‍ය මහින්ද අමරවීර ඉවත්කර, තිලංග සුමතිපාල පත්කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව එම පක්ෂ මූලස්ථානයේදී අද (21) රැස්වූ අවස්ථාවේදී මෙම පත්වීම සිදුකර තිබේ.

පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මෙම තනතුර සඳහා සුමතිපාලගේ නම යෝජනා කර ඇති අතර, පක්ෂ මධ්‍යම කාරක සභාව ඒකමතිකව ඒ සඳහා අනුමැතිය දී  ඇත.

මෛත්‍රීපාල සිරිසේන, තිලංග සුමතිපාල වෙත ඊට අදාළ පත්වීම් ලිපිය ද මෙහිදී ප්‍රදානය කර තිබේ.

තිලංග සුමතිපාල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය සභාපතිවරයෙකුද වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *