මේ වෙලාවේ ඡන්දයක් ඉල්ලන සජිත්ගේ මොළේ පරික්ෂා කරන්න ඕන…! – අනුර…

September 12, 2021 at 8:56 pm | by emanisa.lk

කොවිඩ් ව්‍යසනය මැද මැතිවරණයක් කැඳවිය යුතු යැයි කියන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මොළය පරික්ෂා කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.

අද (12) කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙසේ ද පැවසීය.

“මොළේ පරීක්ෂා කරගන්න ඕනේ එයාගේ මේ වගේ වෙලාවක. අහ්.. දැන් ආණ්ඩුවට විවේචනයක් හැදිලා තියෙනවා. දැන් මට ඒ පුටුවේ වාඩිවෙන්න පුළුවන්, එයාට.

ඒ වගේ ඉතාමත් අපරිණත, අඥාන ප්‍රකාශයන් ඒවා. ආණ්ඩුව අප්‍රසාදයට පත්වෙලා තියෙනවා ඒක ඇත්ත. ව්‍යසනයක් වෙලාවේ ඡන්දයක්? ඔළුව පරීක්ෂා කරන්න ඕනේ නැද්ද? එකතු වෙන්නේ නෑනේ ආණ්ඩුව. අපි කරන්න ඕනේ මොකද්ද?

මේක හොඳ දිසාවට හරවන්න ඕනේ. යෝජනා දෙන්න ඔනේ. පිළිගන්නවාද නැද්ද වෙනම දෙයක්. කවුරු හරි හිතනවා ද මේ වෙලාවේ පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දයකට යන්න ඕනේ කියලා. ඒවා අර ලාබ ලෙස තමන්ගේ බලය පුටුවල වාඩිවෙන්න පුළුවන් කියලා හිතෙන නේද? ඒ අයගේ අදහස්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස