මේ රටේ දහස් ගණනක් ජනතාවගේ පැතුම සජිත් ජනාධිපති කිරීමයි…!

November 21, 2022 at 3:46 pm | by emanisa.lk

සජිත් ප්‍රේමදාස පසුගිය දිනවල රට වටා යන විට දස දහස් ගණනින් ජනතාව එතුමා වටා රොක් වූ බව සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩා පවසයි.

ඒ ජනතාවගේ ප්‍රාර්ථනාව සජිත් ප්‍රේමදාස මේ රටේ නායකත්වයට පත් කිරීම බව ද හෙතෙම සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස කිසිදා දූෂණයට සම්බන්ධ නොවූ බවත් වචනයකින් පවා ඊට අනුබල නොදුන් බවත් රංජිත් මද්දුමබණ්ඩාර අවධාරණය කරයි.

මේ රටේ අධ්‍යාපනය, ආරක්ෂාව සහ කෘෂිකර්මය ආදී සියලු ක්ෂේත්‍ර මනාව හැසිරිවිය හැකි කණ්ඩායම සිටින්නේ සජිත් ප්‍රේමදාස සමග බව ද ඔහු වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *