මේ රටේ ජාතික ආර්ථිකයක් හදන්න නොදුන්නේ ජවිපෙයි…! ඔවුන්ගේ ආර්ථික මොඩලය ධනවතුන්ගෙන් පිනට කෑමයි..!

January 23, 2023 at 10:27 am | by emanisa.lk

2018 පළාත් පාලන මැතිවරණයේ දී ජවිපෙ ඡන්ද ලක්ෂ 7 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා කළේය. යම් හෙයකින් මාර්තු පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් JVPය ලක්ෂ 25ක පමන ඡන්ද ගනු ඇත.

ආසන්න වශයෙන් පළාත් පාලන ආයතන 25 බලය ජවිපෙ සතු වනු ඇත. තව ද යම් ආයතනයක බලය පොහොට්‍ටුව හෝ සජබ සතු වුවද එහි දුරස්ථ පාලකය ජවිපෙ සතු වනු ඇත.

පළාත් පාලන ආයතනයක පරිපාලනය සංකීර්ණ නැත. ඒවායෙහි ඩොලර් අර්බුද නැත, විදේශ ණය අර්බුද නැත, ගෙවුන් ශේෂ අර්බුද නැත. කැළි කසළ බැහැර කිරීම ක්‍රමවත් කිරීමෙන් පමණක් ජනයාට විශාල සේවයක් සිදු කළ හැක. නිසැකවම ජවිපෙ තමන් පාලනය කරන ආයතන හරහා ජනයාට දැනෙන සේවයක් කරනු ඇත. ඊට සමගාමීව ජවිපෙ ප්‍රචාරක ‍රැල්ල ද ක්‍රියාත්මක වනු ඇත.

මෙවර මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගෙන් 60% අරගලයට දායක වූවෝ වෙති. ඒ හරහා ද ජවිපෙට යම් වාසියක් ලැබිය හැක. ගමේ ඡන්දයේ දී මෙන්ම ඉන් පසුවද ජවිපෙ පෙරළි කරනු ඇත. ජවිපෙ මෙරට තීරණාත්මක දේශපාලන බලවේගය දක්වා වර්ධනය වනු ඇත

නමුත් මුලින් ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් ජවිපෙ ‍රැල්ල ඉවරය කරුණු එසේ හෙයින් ගෝලීය බලවතුන් නිය පොත්තෙන් කැපිය හැකිදේ පොරොවෙන් කපන්නෙ නැත . එනම් පලාත් පාලන ඡන්දයක් එන්නෙ නෑ

ගමේ ඡන්දය දිනා ජවිපෙට ‍රැල්ලක් හැදුණා යයි අපි මොහොතකට සිතමු. එහි දී ගමේ පාලනයෙන් එහා ලෝකය ජවිපෙට ජයගත හැකිද? ජවිපෙට අවුරුදු 60 ක පමණ ඉතිහාසයක් ඇත. එදා මෙදා තුර පක්ෂය පාලනය කළේ නායකයන් තිදෙනෙකි. ඔවුන් තිදෙනාද ‍රැඩිකල් බොස්ලා මිස රාජත්‍රාන්තිකයන් නොවේ.

පක්ෂයේ ආර්ථික මොඩලයවත් හරිහැටි පැහැදිලි කිරීමට නොහැකි අනුර හැරමිටියෙන් යනතුරු පක්ෂ නායකයා වනු ඇත. ජවිපෙ මෙරට නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීමට ඉඩ දුන්නේ නැත. සහනාධාර ක්‍රමය නඩත්තු කිරීමට ජවිපෙ බල කරනු ඇත

ජවිපෙ යනු ධනවාදී පාලකයන්ගේ සහනාධාර වැඩසටහන වෙනුවෙන් කැප වූ පක්ෂයකි.
ජවිපෙ ආර්ථික ප්‍රතිපත්තිය ගැන ඔවුන් කතා කරන්නෙ නැත. එය ධනවාදී ද, සමාජවාදී ද, චීන මොඩල් ද යන්න ගැනවත් අදහසක් නොකියයි. ජවිපෙ ඇක්ෂන් ප්ලෑන් එක ජන හදවත් තුළ පැල කිරීමට අසමත් වන තාක් ඔවුන් ජාතික දේශපාලනය තුළ අසමත් වනු ඇත.

කීර්ති රත්නායක

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *