මේ රටේ කරුමෙට ඡන්දදායකයෝ පට්ට මෝඩයෝ..! පැණිය ගෙනාවේ මෝඩයෝ රවට්ටන්න…! – ෆොන්සේකා…

January 1, 2021 at 8:31 pm | by emanisa.lk

මේ රටේ ඡන්දදායකයින්ගෙන් යම් ප්‍රතිශතයක් මෝඩයින් බවත් කොරෝනා පැණිය ගෙන ආවේ රටට කරුමයක් වී ඇති ඔවුන් රැවටීමට බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

පැණිය පානය කළ හතර පස් දෙනෙකුට කොරෝනා වැළඳී ඇති බවත් පැණිය තහනම් කළ යුතු බව තමන්ගේ පෞද්ගලික මතය බවත් ඔහු සඳහන් කරයි.

පැණිය හදන බඹරා ද සිටින්නේ මුඛවාඩම් පැළඳ බවත් පැණිය බිව් කතානායක පසුගිය දිනවල නිරෝධායනයේ සිටි බවත් හෙතෙම පෙන්වා දෙයි.

ලංකාවට වැක්සින් ආනයනය කළ යුතු බව මුලින් ම රටට කීවේ තමා බවත් ආණ්ඩුව තවමත් ඊට සූදානම් වන බවත් සරත් ෆොන්සේකා චෝදනා කරයි.

දරුණු වසංගතයක් ඉදිරියේ ආණ්ඩුව ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් නොකළ යුතු බව ද සරත් ෆොන්සේකා අවධාරණය කරයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *