මේ ඡන්දෙට යට ගහපු පළමු රැල්ලමයි! දෙවෙනි රැල්ලේ කතාව බොරුවක්! – රාජිත

October 15, 2020 at 10:56 am | by emanisa.lk

මේ වන විට රටේ පවතින්නේ පළමු කොරෝනා රැල්ල බවත් මැතිවරණ ජයග්‍රහණය නිසා එය නොතකා හැර යටපත් කළ බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.

රටේ දෙවන කොරෝනා රැල්ලක් මතුව ඇතැයි පැවසීම බොරුවක් බවත් මහ මැතිවරණය නොපවත්වන ලෙස තමන් පැවසූ කරුණු මේ වන විට සත්‍ය වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

මැතිවරණය කල් දමන ලෙස තමන් ඉල්ලා සිටියේ මැතිවරණය සමග නිරෝධායන නීති නොතකා හරින නිසා බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස