මෙවර ජිනීවා ගමනේ දැකුම් ලෙස අද්මිරාල් කරන්නාගොඩ ගෙනි යන්න හදනවා! අංක එකේ රණ විරුවා පාව දීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය මෙන්න!

February 26, 2019 at 7:11 am | by admin

තමන්ට බලයට එන්න උදව් කළ ඊළාම්වාදින් සතුටු කරන්න 2015 සැප්තැම්බර් මාසයේ දී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් සභාවට ගෙනා යෝජනාවට සමඅනුග්‍රහය දක්වන්න දිරිපත් වෙලා වර්තමාණ ආණ්ඩුව අලි අමාරුවක වැටිලා ඉන්නේ. තම රටට එරෙහිව ගෙනා යෝජනාවකට සමඅනුග්‍රහය දැක්වූ ප්‍රථම රට ලෙස ලංකාව ඉතිහාසයට එක් වෙනවා යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.

ඔහු මේ අදහස් දැක්වූයේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දීය.

ඒ අනුව අතුරුදහන් වූවන් පිලිබඳ කාර්යාලය පිහිටුවීම, සංහිඳියා කොමිසමක් පිහිටුවීම, අතුරුදහන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අත්සන් කිරීම, කොටි ත්‍රස්තවාදින්ට වන්දි ගෙවීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, විදේශීය විර්මශකයින්, අභිචෝදකයින් සහ විනිසුරන් යොදාගෙන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් නඩු විභාග කිරීම සහ පෙඩරල් ව්‍යවස්ථාවක් සම්මත කිරීම එම යෝජනාවෙන් ශ්‍රී ලංකාවට කර ඇති ප්‍රධාන නිරදේශයි.

මේ අතර තිබෙන ප්‍රධාන නිරදේශ වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්මත කර ගැනීම, නව ව්‍යවස්ථාව සහ විදේශීය විනිසුරන් පත් කිරීම මහජන විරෝධය නිසා තවම කර ගන්න බැරි වෙලා තිබෙනවා. ඒ නිසා මේ ආණ්ඩුවේ යුරෝපීය ස්වාමින් දැන් ඉන්නේ කෝපයෙන්. ඒ බව දන්න නිසා අද ජිනීවා නුවර දී ආරම්භ වන මානව හිමිකම් සභාවේ සැසියට යන්න ආණ්ඩුව ඉන්නේ බයෙන්.

මොකද ඔවුන් දන්නවා තමන්ගේ ස්වාමීන් ඉන්නේ කෝපයෙන් කියලා. ඒ නිසා කෝපයට පත් ස්වාමින් සතුටු කරන්න මේ ආණ්ඩුව ජිනීවා යද්දී මොනව හරි දැකුම් විදිහට ගෙනියනවා. 2017 මාර්තු මාසයේදී එක්නැලිගොඩ අතුරුදහන් කළා කියලා හමුදා බුද්ධි අංශ නිලධාරීන් බන්ධනාගාර ගත කරලා ඒක තමයි දැකුම් විදිහට අරන් ගියේ.

2018 දී නාවික හමුදා බුද්ධි නිලධාරීන් සිරගත කරලා ඒ පණිවිඩය තමයි දැකුම් ලෙස ජිනීවා නුවරට අරන් ගියේ. දැන් අවුරුදු හතරක් ඉවර නිසා වෙනදා වගේ කුකුළු බිල්ලක් පුදලා හරි යන්නේ නෑ. නර බිල්ලක්ම ඕනෑ. ඒ නර බිල්ල තමයි අද්මිරාල් වසන්ත කරන්නාගොඩ. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සුදු කොඩි නඩුවෙන් හමුදාව පාවා දීමට වැරදිකරු වුණාට පස්සේ ලංකාවේ අංක එකේ රණවිරුවා අද්මිරාල් වසන්ත කරන්නාගොඩයි.

ඔහු යුද ජයග්‍රහණයට තීරණාත්මක දායකත්වයක් ලබා දුන්නු නාවික හමුදාවේ හමුදාපතියි. කෝපයෙන් ඉන්න ස්වාමින් සතුටු කරන්න රටේ අංක එකේ රණවිරුවා දැකුම් ලෙස අරන් ගිහින් ආණ්ඩුවේ අවසානය ඉක්මන් කර ගන්න එපා කියලා අපි ආණ්ඩුවට අනතුරු අඟවනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *