මෘතදේහ දිගට ම පිච්චුවොත් ආදාහනාගාර පුපුරන්න පුළුවන්…! – නන්දන ගුණතිලක…

August 11, 2021 at 3:52 pm | by emanisa.lk

ආදාහනාගාරය සිසිල් වීමට ප්‍රමාණවත් කාලයක් නොතබා අඛණ්ඩව මෘත දේහ ආදාහනය කළහොත් පිපිරීම් සිදුවිය හැකි බවට නර්ඩ් ආයතනය අනතුරු අඟවා ඇතැයි පානදුර නගරාධිපති නන්දන ගුණතිලක පවසයි.

පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ ඉඩ ප්‍රමාණවත් නොවීම නිසා ‘කන්ටේනර් පෙට්ටියක’ මෘත දේහ තාවකාලිකව තැන්පත් කිරීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන ඇත.

කොවිඩ් 19 ආසාදිත නොවන, හඳුනා නොගත් මෘත දේහ 131 ක් පානදුර, කළුබෝවිල, කොළඹ, අයි.ඩී.එච්, කළුතර, රාගම, ගම්පහ සහ වතුපිටිවල රෝහල්වල තැන්පත් කර ඇති බව හෙළි වී තිබේ.

අධිකරණ ක්‍රියාමාර්ග කඩිනම් කරමින් ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට රජය ක්‍රියා කරමින් සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *