මුස්ලිම් අන්තවාදීන් පුනරුත්ථාපනය වැළකුණේ කාදිනල් හිමි විරුද්ධ වූ නිසයි…! – ආරක්ෂක ලේකම්…

October 5, 2021 at 8:38 am | by emanisa.lk

පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව අත්අඩංගුවට ගත් දැඩි මතධාරී මුස්ලිම් තරුණයින් පුනරුත්ථාපනය කිරීමට නොහැකි වූයේ මැල්කම් රංජිත් කාදිනල් හිමි විරුද්ධ වීම නිසා බව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.

අන්තවාදී පන්තිවලට සහභාගි වී සිටි එම පිරිස් පුනරුත්ථාපනය කිරීම සඳහා මීට වසර 1 1/2 කට පෙර ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ වැඩපිළිවෙළ කාදිනල් හිමිගේ ප්‍රශ්න කිරීම නිසා නතර වූ බව ද ආරක්ෂක ලේකම්වරයා පැවැසීය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන අතරතුරදී එම අන්තවාදී පිරිස් පුනරුත්ථාපනය කරන්නේ කෙසේ ද? යනුවෙන් කාදිනල් හිමි තමාගෙන් ප්‍රශ්න කළ බවද ආරක්ෂක ලේකම්වරයා පැවැසීය.

‘අද දෙරණ’ බිග් ෆෝකස් වැඩසටහනට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා එසේ පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස