මිනී නොමරණ කෙනෙකුට මම සහාය දෙනාව! ගෝඨාභයට මගේ සහාය නෑ! (viddeo)

June 27, 2019 at 10:26 pm | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන්ගේ සහාය ලැබෙන්නේ මිනි නොමරණ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන අපේක්ෂකයකුට බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

ගෝඨාභ රාජපක්ෂ ඉදිරිපත් වන්නේ නම් ඔහුට තමන්ගේ සහාය නොලැබෙන බවත් එය නැවත නැවත ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවක් නැති බවත් හෙතෙම වැඩි දුරටත් පවසයි.

නඩු කටයුත්තක් සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යයට අඳහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මිනීමරන පසුබිමක් ඇති පද්ගලයෙතු සිටින්නේනම් අදාළ පුද්ගලයා මිනීමරපු බවට මහජනතාව අතර ප්‍රසිද්ධනම් තාම ඔහුට සහාය පල කරන්නේ නොමැති බව මන්ත්‍රීවරයා  පැවසීය.

හැම ආණ්ඩුවක්ම තම බලය ආරක්ෂා කිරීම සඳහා මිනී මරලා තියන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස