පැමිණිලි 158ක් ලැබුණා! මැතිවරණය සාමකාමියි! – පැෆරල්

November 17, 2019 at 7:58 am | by emanisa.lk

ජනාධිපවරණය නිදහස් හා සාධාරණව පැවැති අතර සමස්ත ක්‍රියාවලිය දියුණු මැතිවරණයක ලක්ෂණ පෙන්නුම් කළ බව පැෆරල් සංවිධානය කියයි.

2010 – 2014 ජනාධිපතිවරණ සසදා බලද්දි මෙම ජනාධිපතිවරණය ඉතාම සාධනිය ලක්ෂණ පෙන්වා ඇතැයි ද පැෆරල් සංවිධානයේ ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවකදී එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසීය.

ජනාධිපතිවරණය පැවැති ඊයේ (16) පැමිණිලි 158ක් ලැබුණු බවත් බරපතළ ප්‍රචණ්ඩ ක්‍රියා 4ක් ද ප්‍රචණ්ඩ ක්‍රියා නොවන සිද්ධීන් 58ක් ද මේ අතර වන බව එම සංවිධානය පවසයි.

මෙම පැමිණිලි අතර හොර ඡන්ද දැමීම සහ එයට උත්සාහ කිරීම සම්බන්ධ සිද්ධීන් 4ක් ද වාර්තා වූ බව පැෆරල් සංවිධානය පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස