මාලිමාවත් එක්ක එකතු වෙන්න සූදානම්…! – පාඨලී…

March 2, 2023 at 5:46 pm | by emanisa.lk

දේශපාලනය කරන්නේ බලය ඇල්ලීම සඳහා බව හිටපු අමාත්‍ය, 43 වන සේනාංකාධිපති පාඨලී චම්පික රණවක පවසයි.

ඒ සඳහා දේශපාලන සංවිධාන පිහිටුවීමට මෙන් ම දේශපාලන පක්ෂ ගොඩනැඟීමට ද තමන්ට අයිතියක් ඇතැයි හෙතෙම පෙන්වා දෙයි.

රටට ගතානුගතික දේශපාලනය වෙනුවට නව නිදහස් කඳවුරක් උවමනා බවත් ඒ සඳහා තමන් කටයුතු කරන බවත් ඔහු කීය.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සහ මැතිවරණ දිනා ගැනීම සඳහා ජාතික ජන බලවේගය හෝ සමගි ජන බලවේගය හෝ සමග එකතු වී කටයුතු කිරීමට තමන් සූදානම් බව ද පාඨලී චම්පික රණවක අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *