මාතලේ එජාප නගරාධිපති ධුරයෙන් ඩල්ජිත් පන්නයි!

December 3, 2020 at 11:01 am | by emanisa.lk

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ විසින් මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ එම ධූරයෙන් පහ කරනු ලැබ ඇත.

ඊට අදාළ ගැසට් නිවේදනය පළාත් ආණ්ඩුකාරවරයා විසින් ඊයේ (2) නිකුත් කරනු ලැබ තිබේ.

මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේට එරෙහිව එහි මන්ත්‍රීවරුන් චෝදනා රැසක් එල්ල කර තිබූ අතර ඒ හේතුවෙන් ඔහුගේ නගරාධිපති ධූරය මීට පෙර තාවකාලිකව අත්හිටුවා තිබිණි.

එම චෝදනා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ වාර්තාව විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන පසුගිය 24 දා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ වෙත භාර දී තිබුණි.

එම චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට ආණ්ඩුකාරවරයා විසින් කමිටුවක් පත්කරනු ලැබූ අතර එම කමිටු වාර්තාව සැළකිල්ලට ගනිමින් නගරාධිපතිවරයා ධූරයෙන් පහ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *