මහ බැංකුව වැඩි කරගත් පඩි අහෝසි කරන්න ආණ්ඩුවට පුළුවන්…!

March 11, 2024 at 1:31 pm | by emanisa.lk

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් වැඩිකර ගත් වැටුප් අහෝසි කිරීමට ආණ්ඩුවට හැකියාව ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඒ සඳහා මුදල් කමිටුවේ වාර්තාව එනතුරු බලා සිටීමට අවශ්‍ය නැති බවත් මෙතෙක් කල් ආණ්ඩුව වැඩ කළේ මුදල් කමිටුවේ තීරණ අනුව දැයි තමා ප්‍රශ්න කරන බවත් ඔහු කීවේය.

ශ්‍රී ලංකා මහ බැංකුව තමන්ගේ වැටුප් වැඩි කරගත්තේ ආණ්ඩුව ගෙන ආ පනත උපයෝගී කරගෙන බව ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *