මහින්ද දේශප්‍රිය හදන්නේ ඡන්දේ කල්දාන්න…! – සජිත්…

November 5, 2022 at 10:06 pm | by emanisa.lk

මහින්ද දේශප්‍රිය සීමා නිර්ණය කොමිසමේ සභාපති ධූරය භාරගෙන ආණ්ඩුවේ මැතිවරණ කල් දැමීමේ කොන්ත්‍රාත්තුව ඉටු කිරීමට සූදානම් වන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි.

කලට වෙලාවට මැතිවරණ පැවැත්විය යුතු යැයි තවමත් සිතන්නේ නම් මහින්ද දේශප්‍රිය එම තනතුර භාරගත යුතු නැතැයි ද විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.

ජනතාව ඉල්ලන්නේ මැතිවරණයක් මිස සීමා නිර්ණය නොවන බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

ආණ්ඩුව මැතිවරණ කල් දැමීමට සූදානම් වුවහොත් ලක්ෂ 220ක ජනතාව සමග පාරට බැස මැතිවරණයක් ලබා ගන්න බව ද සජිත් ප්‍රේමදාස වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *