මහින්දට මන්ත්‍රී ධුරය අහිමි වන ලකුණු!

August 9, 2019 at 12:38 pm | by emanisa.lk

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය භාර ගැනීමත් සමග ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වීමේ අවධානමක් මතුව තිබේ. ඒ ඔහු ⁣එක්සත්ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ශ්‍රිලනිප මන්ත්‍රීවරයකු⁣ ලෙස පාර්ලිමේන්තුවට තේරි පත්වු නිසාය.

ඔහු එළඹෙන අගෝස්තු 11 වෙනිදා පොදුජන පෙරමුණේ මහ සමුළුවේදී එහි නායකත්වය භාර ගැනීමට සූදානම් අතර අනතුරුව එම පක්ෂයේ ජනාධිපිවරණ අපේක්ෂකයා නම් කරනු ඇත.

කෙසේ වුවද ශ්‍රිලනිප ව්‍යවස්ථාව අනුව එම පක්ෂයේ සාමාජිකයකුට වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබාගත නොහැකි අතර එසේ කළහොත් සිය සාමාජිකත්වය අහිමි වෙයි.

එසේ මන්ත්‍රී ධුරය අහිමි වුවද එය සිය ⁣පක්ෂයේ දේශපාලන ගමනට කිසිදු බලපෑමක් නොවන බව බැසිල් රාජපක්‍ෂ පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස