මහාචාර්ය කාලෝ සමුගනී! අවමගුල් උත්සව නෑ! දේහය වෛද්‍යවිද්‍යාලයට!

September 2, 2019 at 4:40 pm | by emanisa.lk

මහාචාර්ය කාලෝ ෆොන්සේකා අද (02) අභාවප්‍රාප්ත වූ අතර මිය යන විට හෙතෙම 86 වන වියේ පසුවිය.

කාලෝ ෆොන්සේකාගේ දේහය ඔහුගේ අවසන් කැමැත්තට අනුව ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාලය වෙත භාරදීමට නියමිත බව ඔහුගේ පවුලේ ඥාතහු පවසති. මහාචාර්යවරයාගේ අවසන් කැමැත්ත වී තිබුණේ මියගොස් පැය 6 ක් ඇතුළත දේහය වෛද්‍ය විද්‍යාලය වෙත භාරදීමය.

මෙරට සිටි සුප්‍රකට වෛද්‍යවරයෙකු මෙන්ම කලාව, සාහිත්‍යය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක දස්කස් පෑ කාලෝ ෆොන්සේකා කලක් ශ්‍රී ලංකා වෛද්‍ය සභා‍වේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය. ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨයේ පීඨාධිපතිවරයා ද විය.

කාලෝ ෆොන්සේකා ට්‍රොස්කිවාදියකු වූ අතර ට්‍රොස්කි ලංකා සමසමාජ පක්ෂයේ නායකයකු විය. ඔහු බුදුදහම පිළිබඳ විශේෂයෙන් හේතුඵලවාදය පිළිබඳ ආකර්ශනය වූවෙකි.

ඔහුගේ බෑණනුවන් කෙනෙකු වන, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසන්නේ තම ජීවිතයේ දුෂ්කර අවස්ථාවල සිය මාමා තමාට විශාල ශක්තියක් ලබා දුන් බවත් තමාගේ නඩු කැඳවූ සෑම දිනකම අධිකරණයට ද පැමිණි බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *