මහල් නිවාස හිමියන්ට ජනකගෙන් සහන..! විදුලි බිල 50%ක් අඩුවෙන් අය කරලා..!

February 9, 2023 at 8:33 pm | by emanisa.lk

සාමාන්‍ය නිවාසක විදුලි ඒකකයකට අය කරන ගාස්තුවට වඩා අඩු ගාස්තුවක් තට්ටු නිවාස පරිශ්‍රවල නිවාසවලින් අය කරන බව විදුලි බල අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

එය ගෘහස්ත විදුලි ඒකකයකට වඩා 50%ක් අඩු බවයි, ඔහු අනාවරණය කළේ.

මහජන උපයෝගීතා කොමිසම මෙවැනි මිල අඩු කිරීමක් සිදුකළ පදනම කුමක් දැයි ඇමැතිවරයා ප්‍රශ්න කරයි.

මෙම තත්ත්ය නිවැරදි කළහොත් ගෘහස්ථ විදුලි ඒකකයක් සඳහා සහනයක් ලබා දිය හැකි බව ද ඇමැති කාංචන විජේසේකර ප්‍රකාශ කළේය.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ට්‍රිලියම් මහල් නිවාස පරිශ්‍ර ජාලයේ හිමිකරුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *