මහනුවර පැවැති උත්තර සභාගයේ දේශපාලන රැස්වීමක් අවසන් වීමෙන් අනතුරුව ඊට එරෙහිව පිරිසක් විරෝධය පළ කර තිබේ.
මහනුවර දිස්ත්රික් උත්තර සභාව දේශපාලන රැස්වීම අද (13) මහනුවර පුෂ්පදාන ශාලාවේදී පැවැත්විණි.
අදාළ රැස්වීම අවසන් වීමෙන් අනතුරුව විමල් වීරවංශ ඇතුළු දේශපාලනඥයින් පිරිස ශාලාවෙන් පිටතට යන අවස්ථාවේ එම ස්ථානයට පැමිණ සිටි තරුණ කණ්ඩායමක් ඔවුන්ට හූ කියමින් සැඩපරුෂ ආකාරයෙන් බැනවැදීම හේතුවෙන් දෙපිරිස අතර දැඩි උණුසුම්කාරි තත්ත්වයක් උද්ගත විය.
එම විරෝධතාව මැද විමල් වීරවංශ තම ආරක්ෂකයන් සමග උත්සව ශාලාවෙන් පිටත්ව ගිය ද වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ ඇතුළු පිරිසක් ශාලාව තුළ සිරව සිටි බව වාර්තා වෙයි.
අනතුරුව වාසුදේව නානායක්කාර හා තිස්ස විතාරණ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පිටවී ගියේ හූ හඬ මධ්‍යයේ ය.