මස් මාළු යෝගට් මිලට ගන්නේ පරිස්සමින්! කරන්ට් කැපිල්ල නිසා ඔබ මිලට ගන්නේ නරක් වූ ආහාර වෙන්න පුළුවන්! – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි…

March 27, 2019 at 9:35 am | by admin

විදුලිය කප්පාදුව සිදුකරන කාලවල අධිශීතකරණවල තැන්පත් කර තිබෙන මස් ඇතුළු ආහාර වර්ග මිලදී ගැනීමේදී මහජනතාව වඩාත් සැලකිලිමත් වියයුතු යැයි ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති එම්. ජී. උපුල් රෝහණ මහතා කියා සිටී.

අධිශීතකරණවල මස්, මාළු ඇතුළු ආහාර තැන්පත් කරන්නේ ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය වීම පාලනය කිරීමට බවත් පැය 03 ක් වැනි කාලයක් අධිශීතකරණවලට විදුලිය නොලැබීම නිසා එහි අඩංගු ආහාරවල දිළීර සහ බැක්ටීරියා වර්ධනය වන බවත් ඒ මහතා කීය. එම දිළීර හෝ බැක්ටීරියා වර්ධනය වීමෙන් පසු නැවත විදුලිය ලැබී අධිශීතකරණය කි‍්‍රයාත්මක වී අයිස් බැඳුණත් එහි අඩංගු ආහාරවල ගුණාත්මක භාවය පෙර පැවැති තත්ත්වයට පත්නොවන බවද ඔහු කීය. මෙම තත්ත්වය මුදවපු කිරි යෝගට් ඇතුළු ඒ හා සමාන ආහාරවලටද බලපායි.

සුපිරි වෙළෙඳ සල්වල විදුලිය නොමැති අවස්ථාවලදී ජෙනරේටර් මගින් අඛණ්ඩව විදුලිය සැපයීම සිදුවිය හැකි වුවත් එවැනි පහසුකම් නොමැති ස්ථානවලින් මස්, කිිරි වැනි ආහාර ගැනීමේදී මහජනතාව වඩාත් සැලකිළිමත් විය යුතු බවද ඔහු අවධාරණය කර සිටියේය.

මේ නිසා මහජනතාව විශේෂයෙන් මස් වැනි ආහාර මේ දිනවලදී ලබා ගන්නේ නම් නැවුම් ස්ථානවලින් ලබාගැනීමට ප‍්‍රමුඛත්වය ලබාදෙන ලෙසද ඒ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *