මව්බිම පුවතට එරෙහිව නාමල් පොලිසි යයි…! වහා ම විමර්ශනයක් කරන ලෙස ඉල්ලයි…!

August 15, 2022 at 1:43 pm | by emanisa.lk

මව්බිම පුවත්පතේ තමන් සම්බන්ධයෙන් පළවූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඔහු තංගල්ල පොලිසියට මෙසේ පැමිණිලි කර ඇත්තේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කම් දිනූ නෙත්මි අහිංසා දැරිය තමන් හමුවීමට කැඳවාගෙන පැමිණීම සම්බන්ධයෙන් එම පුවත්පත පළකර ඇති පුවතක් සම්බන්ධයෙනි.

එම පුවතෙහි සඳහන් වන්නේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ හමුවට රැගෙන යන මුවාවෙන් එම ක්‍රීඩිකාව නාමල් රාජපක්ෂ වෙත ගෙන ගොස් ඇති බවකි. කෙසේ වුව ද නාමල් රාජපක්ෂ අදාළ පුවත සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කර මෙම පැමිණිල්ල ගොනුකර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස