මම හමුදා අපරාධ කල්ලී ගැන පරීක්ෂණ කළ නිලධාරියෙක්…! වහා ම ජීවිතාරක්ෂාව තහවුරු කරන්න…! – ශානිගෙන් පොලිස්පතිට ලිපියක්…

June 30, 2021 at 4:51 pm | by emanisa.lk

තමාගේ සහ තම පවුලේ ජීවිත අනතුරේ වැටී ඇති බැවින් ආරක්ෂාව සලසා දෙන්නැයි ඇප මත මුදා හැර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පොලිස්පතිවරයා වෙත ලිපියක් ඉදිරිපත් කරමින් ඉල්ලීමක් කර ඇත.

තමා විසින් යුද හමුදා, නාවික හමුදා සංවිධානාත්මක අපරාධ කල්ලි මෙන්ම ත‍්‍රස්තවාදී කණ්ඩායම් සම්බන්ධ විවිධ පරීක්ෂණ සිදුකර ඇති බවත් ඉන් ඇතැම් චූදිතයන් මේ වන විටත් බන්ධනාගාරගතව සිටින අතර ඊට අදාළ නඩු කටයුතු තවමත් අධිකරණවල විභාග වෙමින් පවතින බව ද ශානි අබේසේකර සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.

තමාට තර්ජනය කර ඇති බව සඳහන් කරමින් බුද්ධි අංශ මින් පෙර ලබා දී තිබූ වාර්තාවකට අනුව හිටපු පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් තමාටත් තම නිවසටත් ආරක්ෂාව ලබා දී තිබුණු අතර, ඉකුත් 2019 නොවැම්බර් මස 21 වැනිදා එම ආරක්ෂාව ඉවත් කළ බවද ඔහු ලිපියෙන් කරුණු ඉදිරිපත් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *