මම රජ ගෙදර TV එක හොරකම් කරන මට්ටමට වැටිලා නෑ..! බඩු ඔක්කොම ගෝඨාභයට දීලා ආවේ..! – මෛත්‍රී….

October 27, 2022 at 6:50 pm | by emanisa.lk

තමන් ජනාධිපති මන්දිරයේ ඇති කබල් රූපවාහිනී සහ මාධ්‍ය ඒකකයේ තිබූ භාණ්ඩ රැගෙන යාමට තරම් පහත් තත්වයට වැටුණු අයකු නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ද කෝටි තුන හමාරක භාණ්ඩ නැති වී ඇති බවට විගණන වාර්තාවකින් හෙළි වී ඇති බවට පුවත් පළවී ඇති බව කී හිටපු ජනාධිපතිවරයා තමන් එම විගණන වාර්තාව නොදුටු බවත්, ජනාධිපති මාධ්‍ය අංශයේ මෙන්ම ලේකම් කාර්යාලයේ ඇති භාණ්ඩ කිසිවක් ජනාධිපතිවරයාට අයිති නොවන අතර, ඒවා භාරව නිලධාරීන් සිටින බව ද කීවේය.

තමන් දන්නා තරමින් තමන් ජනාධිපතිවරයාව සිටි සමයේ ජනාධිපති මාධ්‍ය ඒකකය සතුව තිබූ භාණ්ඩ සියල්ල, එවක සිටි මාධ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ගෝඨාභය රාජපක්‍ෂගේ කාර්ය මණ්ඩලය වෙත ලිඛිතව භාරදුන් බව ද හෙතෙම සඳහන් කළේය.

මෙම ස්ථානයන්හි තිබූ භාණ්ඩ නොමැති නම් ඒ ගැන පරීක්‍ෂණයක් කරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බව කී මෛත්‍රීපාල සිරිසේන, තමන් එම පරීක්‍ෂණවලට පූර්ණ සහයෝගය ලබාදෙන බව ද පැවසීය.

ඔහු මේ බව පැවසුවේ පොළොන්නරුවේ දී අද (27) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස