බෙහෙත් ගන්න මුදල් නැතැයි හඬා වැටෙන ගොවි මහතෙක් යනුවෙන් සිරස රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරය කළ පුවතෙහි දැක්වෙන පුද්ගලයා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් ඇතුළත් විඩියෝවක් සමාජ මාධ්‍යවල හුවමාරු වෙයි.
තමා පසුගියදා රෝහලට ගියේ දතක් ගැලවීම සඳහා බවයි, ඔහු ප්‍රකාශ කළේ.
කෙසේ වුව ද සිරස වාර්තාකරුගේ ඉල්ලීම පරිදි තමන් පිළිකා රෝගියෙකු බවත් බෙහෙත් ගැනීමට මුදල් නැතැයි ප්‍රකාශ කළ බවත් ඔහු සඳහන් කරයි.
එම ප්‍රකාශය සඳහා සිරස වාර්තාකරු රු. 2000ක් ලබා දුන් බව ද ඔහු වැඩි දුරටත් කීය.