මන්ත්‍රී ජීවිත අවදානමේ..! රක්ෂණාවරණ නංවන්න සැලසුම්…! රජයට කෝටි 03ක අමතර පිරිවැයක්…!

September 10, 2022 at 3:46 pm | by emanisa.lk

පාර්ලි මේන්තු මන්ත්‍රීවරුන්ගේ වෛද්‍ය රක්ෂණය වැඩි කර ගැනීම සම්බන්ධයෙන් එහි ගෘහ කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වසරකට රුපියල් ලක්ෂ දෙකක වෛද්‍ය රක්ෂණ ආවරණයක් හිමි වන අතර එම මුදල ලක්ෂ දහයක් දක්වා වැඩි කළ යුතු බවට මෙලෙස යෝජනා ඉදිරිපත්ව ඇත. මේ වන විට මන්ත්‍රී රක්ෂණාවරණයක් සඳහා රජය රු. අසූ දහසක පිරිවැයක් දරන අතර අදාළ යෝජනාව ක්‍රියාත්මක වුවහොත් එය දෙලක්ෂ දසදහස දක්වා ඉහළ යනු ඇත.

එම යෝජනාව ක්‍රියාත්මක කිරීම රටේ ආර්ථික තත්වය සලකා තවත් මාස කිහිපයක් ප්‍රමාද කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන තීරණය කර ඇත.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රියදුරන්ගේ මූලික වැටුප රු. 35000 දහසේ සිට 45000 දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු යෝජනාවකට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ පූර්ණ එකඟත්වය පළවී ඇත.

යෝජනාව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට යොමු කිරීමටද එහි දී වැඩි දුරටත් තීරණය කෙරිණ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *